පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන් අද දිනයේ කැදවා තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මීට පෙරද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැදවා තිබුණා. එමෙන්ම හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන්නේ පළමුවරටයි. ඊයේ දිනයේ දී කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතායි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර 2018 වසරේ ජූලි මාසයේ දී සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට තමන් විවෘත වරෙන්තුවක් ලබා ගත්ත ද එම වරෙන්තුව පිළිබද දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන දැනුවත් නොකළ බවයි ඔහු සාක්ෂි ලබා දෙමින් ඊයේ පිළිගත්තේ. එමෙන්ම ජනාධිපති කොමිසම ඔහුගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කිහිප විටකදීම ඔහු සදහන් කළේ මාස 7 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම හේතුවෙන් ඇතැම් කරුණු තමන්ට ද අමතක බවයි.