සයිබීරියාවේ අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි ඇතිවෙමින් තිබෙනවා.
සයිබීරියා විශේෂඥයින් පවසන්නේ ස්වභාවික කාලගුණ විපර්යාස හේතුවෙන් මෙය සිදු වන්නට ඇති බවයි. අකුණු වලින්ද ලැව්ගිනි හට ගැනීම වර්ධනය වී තිබෙනවා. සයිබීරියාවේ ඉතා දුෂ්කර ප්ර දේශවල මෙම තත්වය ඇතිවී තිබෙන නිසා සිදුවන හානිය පාලනය කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.