අසත්‍ය මත පළකරන පුද්ගලයන් පිලිබදව පොලිස් විමර්ෂණ ආරම්භ වුණා. ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් තුනක් පත්කර තිබෙනවා.
දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ ජනතාවගේ හැසිරීම් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අදහස් පළකළා. සෞඛ්‍ය පුරුදු නිසිලෙස පිලිපැදීමයි මූලික වන්නේ. ඒවා කි‍්‍රයාත්මක නොකරන පුද්ගලයන්ට එරෙහිව අද (16) සිට නීති දැඩිව කි‍්‍රයාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.