fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විභාග කිහිපයක් කල්දැමේ

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 09:03

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

ජූලි සහ අගෝස්තු මාස තුළ ඒවා පැවැත්වීමටයි නියමිත වුණේ. එහෙත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් විභාග කල්දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අතර මෝටර් රථ පරික්ෂකවරුන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරික්ෂණය , ශි‍්‍ර ලංකා විදුහල්පති සේවයේ දෙවන පන්තියේ නිළධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය, ශි‍්‍ර ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගයේ ආරම්භක , මධ්‍යම සහ අවසන් විභාග වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේ.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2020 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo