fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාලය අක්මීමණට

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2020 19:33

සෞභාග්‍යයේ දැක්ම අනුව විශ්වවිද්‍යාල නොමැති දිස්ත්‍රික්වල නව තාක්‍ෂණ විශ්වවිද්‍යාල 10 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාලය අක්මීමණ ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

අක්මීමණ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් අක්කර 26 කින් යුත් වලහන්දූවවත්ත ප්‍රදේශයේයි මෙම තාක්‍ෂණ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා යෝජනා වී ඇත්තේ. ඒ අනුව එම භූමිය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නිරීක්‍ෂණයට ලක්වුණා.

ආසියා සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව මෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසානයේ ආරම්භ කරන බවයි බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියාසිටියේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද නිරීක්‍ෂණ චාරිකාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2020 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්