හොංකොං රාජ්ය සමග පවතින සබඳතා අත්හැරීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයට ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අද අත්සන් තැබුවා.
ඒ අනුව හොංකොං සමග පවතින සියලු සමීප සබඳතා අතහැර දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ චීනය පසුගියදා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හේතුවෙන්. ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ ද අනුමැතිය ඒ සඳහා ලැබී තිබෙනවා. ඇමෙරිකාවෙන් හොංකොං වෙත කිසිදු විශේෂ වරප්රසාදයක් හෝ ආර්ථිකමය සැලකිල්ලක් නොලැබෙන බව ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළා. හොංකොංහි ක්රියාත්මක වන ඇමෙරිකානු සමාගම් 1300 කට පමණ මෙන්ම එරට සංචාරය සඳහා වීසා බලපත් සම්බන්ධයෙන්ද මේ තුළින් දැඩි බලපෑම් එල්ලවනු ඇති.