දකුණු දිග චීනයේ ගංවතුර තත්ත්වය උපරිම මට්ටමට ළගා වී ඇති බව වාර්තා වනවා.
150 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. දින ගණනක් පුරා නොකඩවා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් නායයාමට ද ලක්වූ බව ද වාර්තා වනවා. ගංවතුර හේතුවෙන් නිවාස විසිඅට දහසකට වැඩි සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. පීඩාවට පත්වූ පිරිස මිලියන 38 කට ආසන්න බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.