වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම්කර සිටි බුද්ධි අංශ නිලධාරියෙකු වන ඉමදූවගේ ඉන්දික සම්පත් යන අය නිදොස් කොට නිදහස් කෙරුණා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලයි නියෝගය නිකුත් කළේ.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා නීතිපති වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. ඔහු කියාසිටියේ ඉන්දික සම්පත් යන අයට චෝදනා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් ඉදිරිපත්වී නැති බවයි. ඒ අනුව ඔහු නඩුවෙන් නිදහස් කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටියේ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අය නම්කර සිටිනවා. මෙහි වැඩිදුර විමසීම ලබන 30 වනදා දක්වා කල්තැබුණා.