fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ මුහුදු කූඩැල්ලන් 829Kgක් කල්පිටියේ දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2020 09:59

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 829 ක් කල්පිටියේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය තුඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් තුන්දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගැනුණා. මුහුදු කූඩැල්ලන් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවත් අධිකරණ නියෝග මත සැකකරුවන් තුන්දෙනා ඔවුන්ගේ නිවෙස්වලදීම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවත් කල්පිටිය පොලීසිය  සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2020 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්