නව්‍ය කොරෝනා වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙනවා. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා.
කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනය කිරීම සදහා ශ්‍රී ලංකා රජය සාර්ථක පියවර ගත් බව ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. එහිදී විවිධ අභියෝලවලට මුහුණදීමට සිදුවුණා. මනා සැළැස්මක් අනුව ක්‍රියා කිරීමෙන් ඒවා එකින් එක ජය ගැනීමට හැකිවුණා. නිරෝධායන කදවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට ලැබුණේ නැහැ. එය හදුන්වා දුන්නේ ශ්‍රී ලංකාවයි.
අද බොහෝ දෙනෙකුට මේ බව අමතක වී ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. කන්දකාඩු පුනරුත්ථාපන කදවුරෙන් ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග උද්ගතවූ තත්ත්වය පිළිබද මෙම ජනාධිපති කාර්යසාධක බලකාය කරුණු සාකච්ඡා කළා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් පසුගිය ජනවාරි 26 වනදා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමට පියවර ගත්තා. චීනයේ වූහාන්හි අසරණව සිටි සිසුන් මුදා ගැනීමේ සිට සියලු රටවල් අබිභවා යමින් රජයක් ලෙස වගකීමෙන් ගත් පියවර ජනාධිපතිතුමාමෙහිදී සිහිපත් කළා.
රටවල් 74 ක සිටි පුද්ගලයින් 16,279 දෙනෙකු මව්බිමට රැගෙනවිත් නිරෝධායනය කර නිවෙස් වෙත පිටත්කර හැර අවසන්. නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් පවත්වාගෙන යමින් කළ මෙම මෙහෙය ජනාධිපතිතුමා සිහිපත් කළා. කන්දකාඩු පුනරුත්ථාපන කදවුරෙන් හමුවූ ආසාදිතයින්ගේ සමීපතමයන් හදුනාගෙන නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඒ ආශ්රිත වළලු 4 ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමුකෙරුණා. පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරමින් වසංගතය පැතිරයාම අවම මට්ටමක තබා ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා.
ආසාදිතයින් හදුනා ගත් රාජාංගනය ඇතුළු සෙසු ස්ථානවල පීසීආර් පරීක්ෂණ වැඩිකරන ලෙසට උපදෙස් ලබාදුන්නා. කොවිඩ් වසංගතය මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ද අද දිනයේ දීර්ඝ වශයෙන් සාකච්ඡාකෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ විශේෂඥ වෛද්‍යවරුන් සාකච්ඡාවට එක්ව සිටියා.