කළුතර මග්ගොන ප්රදේශයේදී මුහුදේ ගසාගෙන ගිය දැරියන් දෙදෙනාගේ සිරුරු මග්ගොන වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා.
බලපිටිය ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මංගල උත්සවයකට සහභාගී වීමෙන් පසු මග්ගොන වෙරළ තීරයට පැමිණ තිබෙනවා. එහිදී කුඩා දරුවන් රළ පාගමින් සිටියදී කුඩා දරුවන් හතර දෙනෙකු සහ වැඩිහිටියෙකු මුහුදු රළට හසු වී ගසාගෙන ගියා. එහිදී ළමයින් දෙදෙනෙකු සහ වැඩිහිටියා බේරා ගැනීමට හැකි වූ අතර සෙසු දැරියන් දෙදෙනා බේරා ගැනීමට නොහැකි වුණා. වයස අවුරුදු 10 ක් සහ 15 වන එම දැරියන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන මග්ගොන වෙරළ තීරයට ගොඩගසා තිබූ බවයි පොලිසිය පවසන්නේ.