කළුතර මග්ගොන ප්රදේශයේදී මුහුද නැරඹීමට ගිය දැරියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.
බලපිටිය ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මංගල උත්සවයකට සහභාගී වීමෙන් පසු මග්ගොන වෙරළ තීරයට පැමිණ තිබෙනවා. එහිදී කුඩා දරුවන් රළ පාගමින් සිටියදී කුඩා දරුවන් හතර දෙනෙකු සහ වැඩිහිටියෙකු මුහුදු රළට හසු වී ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ළමයින් දෙදෙනෙකු සහ වැඩිහිටියා බේරා ගැනීමට හැකි වූ අතර සෙසු දැරියන් දෙදෙනා අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වුනේ වයස අවුරුදු 10 ක් සහ 15 වන දැරියන් දෙදෙනෙකුයි. නාවික හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව මෙම දැරියන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.