ඉතාලි ප්‍රිමියලීග් පාපන්දු තරගාවලියේ නාපෝලි සහ ඒ සී මිලාන් කණ්ඩායම් අතර පැවති තරගය ගෝල දෙකට දෙකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගයේ පළමු අර්ධයේ විසිවන විනාඩියේදී සිය ප්‍රථම ගෝලය වාර්තාකරගත් ඒ සී මිලාන් කණ්ඩායම දෙවන අර්ධයේ 73 වන විනාඩියේදී දඩුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් සිය දෙවන ගෝලය වාර්තා කිරීමට සමත්වුනා. පළමු අර්ධයේ 34 වන විනාඩියේදී ගෝලයක් වාර්තාකළ නාපෝලි කන්ඩායම තරගයේ ගෝල දෙකට දෙකක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වුණේ දෙවන අර්ධයේ හැටවන විනාඩියේදී වාර්තා කළ ගෝලය ද සමගින් මේ අතර බ්‍රිතාන්‍ය ප්‍රිමියලීග් තරගාවලියේ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ සවුත් හැම්ටන් කණ්ඩායම අතර තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.