ගිනි අවියක් පෙන්වා බිය ගන්වමින් රන් මාල තුනක් කොල්ලකෑ සැකකරුවන් සොයා කහවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කහවත්ත යාඉන්න කෝවිල අසල පිහිටි සිල්ලර වෙළෙඳසැලකට පැමිණි කොල්ලකල්ලිය ගිනි අවියක් පෙන්වා බිය ගන්වමින් මෙම කොල්ලකෑම සිදුකර තිබෙනවා. එම වෙළෙඳසැලේ හිමිකාරියගේ සහ පුතාගේ ගෙලෙහි තිබූ රන්මාල තුනක් කොල්ලකා ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ තිහකට ආසන්න බවයි පොලිසිය ප්රකාශ කළේ. කොල්ලකරුවන් මුව ආවරණ සහ හිස් වැසුම් පැළඳ වෙළෙඳසැලට ඇතුළු වූ බව වෙළෙඳසැලේ හිමිකාරිය පවසනවා.