නාවික හමුදාව හා පොලීසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදි තහනම් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වනාතවිල්ලුව ප්‍රදේශය මුල්කර ගනිමින් කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 10 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 5 ක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු පැමිණි යතුරුපැදිය ද අත්අඩංගුවට ගැනුණා. මේ පිළිබඳ ඉදිරි පරික්ෂණ කටයුතු වනාතවිල්ලුව පොලීසිය මගින් සිදු කෙරෙන බවයි නාවික හමුදාව පවසන්නේ.