fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෝල් නගරාධිපතිට ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2020 15:57

සිය දිවි හානි කර ගත් කොරියාවේ සෝල් නගරාධිපතිවරයාට එරෙහිව ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

නගරාධිපති පාර්ක් වොන් සූන් නිවසෙන් අතුරුදන් වීමට පැය කිහිපයකට පෙර ඔහුගේ ලේකම්වරිය නගරාධිපතිවරයාට විරුද්ධව ලිංගික අපයෝජන චෝදනා එල්ලකර තිබුණා. වසර 4ක් පුරාවට නගරාධිපතිවරයා තමාව ලිංගික අපයෝජනයට ලක්කළ බවයි අද දිනයේ ඇය පවසා ඇත්තේ.  නගරාධිපතිවරයා කොරියාව තුළ ජනප්‍රිය චරිතයක් වන අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට තීරණය කර  තිබු බව මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2020 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්