ගංවතුරෙන් විපතට පත් ජනතාවගේ සහන කටයුතු සඳහා යුවාන් මිලියන 300ක් ලබා දීමට චීන රජය පියවර ගත්තා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 141 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා. ප්‍රාන්ත 27 මිලියන 38කට ආසන්න පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි චීන මාධ්‍ය සඳහන් කරන්නේ. ලක්ෂ 22ක පමණ පිරිසක් අවතැන් භාවයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ගංවතුර හා නායයෑම් හේතුවෙන් නිවාස විසිඅටදහසක් පමණ විනාශ වී ඇති අතර ගොවි බිම් හෙක්ටයාර මිලියන තුනයි දශම පහක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් රජයට අහිමි වූ ආදායම යුවාන් බිලියන 83කට ආසන්න බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
****විදුර/රුවන්තිකා/ 12.12