වෛරස ව්‍යාප්තිය මැඩලිම සඳහා දකුණු අප්‍රිකාව නව නීති පවනවා තිබෙනවා.
ඒ අනුව එරට තුළ මත්පැන් අලෙවිය තහනම් වනු ඇති. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවෙන අතර පොදු ස්ථාන තුළදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවයි වාර්තා වන්නේ. මත්පැන් අලෙවිය තහනම් කිරීම මෙම අවස්ථාවේදී සෞඛ්‍ය ක්ෂේත්රයේ කඩා වැටීම වැළැක්වීමට ගත හැකි හොදම පියවර වන බව ජනාධිපති සිරිල් රමෆෝෂා පවසනවා.