රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය රිය අනතුරුවලට බලපාන බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොමිලේ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් වත්තලදී පැවැත්වුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුවයි මෙය සංවිධාන කර තිබුණේ. කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
බස් රථ රියදුරන්ගේ හා රිය සහායකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරිමේ වැඩසටහනක් පානදුර ප්‍රදේශයේදීද පැවැත්වුණා.පානදුර පොලීසිය හා පානදුර රෝහල මඟිනුයි මෙම වෛද්‍ය සායනය සංවිධාන කර තිබුණේ. වැඩිවන රිය අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණා. අධික රුධිර පීඩනය , හෘද රෝග පරීක්ෂාව , ආදී රෝග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. වෛද්‍ය පරීක්ෂණවලින් හඳුනාගත් රෝගීන් රෝහල් ගත කිරීමට ද පියවර ගැනුණා.