fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩි ලාභ ඕනෑ නම්, නිමි ද්‍රව්‍ය අපනයනය කරන්න – ජනපති ගොවීන්ට කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 18:15

කෘෂි බෝග අපනයනයේදී නිමි ද්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාව දී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කළා. අතරමැදියන්ට හසු නොවී රජයේ පාලන මිලට වී අස්වැන්න ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා ගොවි ජනතාවට උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දෙවන වරටත් මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින් හසලක පැවති ජනහමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. උඩුදුම්බර හසලක නවරත්න ක්‍රීඩාංගනයේ සහ හසලක සතිපොළ භූමියේ පැවති ජනහමුවලට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වුණා. එම ජනහමු සංවිධාන කර තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතායි. වනඅලි ගම් වැදීමේ ගැටලුවට විසදුම් ලබා දීමට රජය මේ වන විටත් පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කළා. මිනිපේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටලුව කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමුවුණා. ගුරු හිඟය හා උසස් පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් සහිත පාසලක් හසලක ප්‍රදේශයට නොමැතිවිමෙන් දරුවන් පත්ව සිටින අපහසුතාව පිළිබදව ද ජනතාව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හාරිස්පත්තුව අලවතුගොඩ නගරයට පැමිණ ජනතාව හමුවුණා. එහිදී මහත් හරසරින් ජනාධිපතිතුමා පිළිගත් ජනතාව තම පොදු ගැටලු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. මෙම ජන හමුව සංවිධාන කර තිබුණේ අපේක්‍ෂක තිලක් රාජපක්‍ෂ මහතායි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්