fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු පළාතේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 15:37

උතුරු පළාතේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීමට ධීවර අමාත්‍යාංශය විශේෂ  වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ උතුරු පළාතේ ධීවර ජනතාව සඳහා බෝට්ටු දැල් හා ධීවර ආම්පන්න ප්‍රදානය කිරීමට ධීවර අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ප්‍රධාන වැව් කේන්ද්‍ර කර ගනිමින් මත්ස්‍ය පැටවුන් මුදා හැරීමට ද මෙහිදී කටයුතු කෙරෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උතුරු පළාතේ පවුල් 2500කට මේ යටතේ සෙත සැලසෙනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව සදහා බෝට්ටු ප්‍රදානය කිරීමක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2020 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්