පෝලන්තයේ ජනාධිපතිවරණය අද පැවැත්වුණා.
මෙවර ජනාධිපතිවරණය පෝලන්ත දේශපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත් බලපෑමක් එල්ල කරනු ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ. යුරෝපා සංගමය සමග පෝලන්තය තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ මෙවර ජනාධිපතිවරණයේදී තීරණය කෙරෙනු ඇති. ජනාධිපතිවරණයේ ප්රධාන තරගකරුවන් දෙදෙනා ලෙස වර්තමාන ජනාධිපති අන්ද්රේජ් ඩූඩා හා රෆාල් තරසස්කොව්ස්කි සටන් වදිනවා. ඔවුන් දෙදෙනා අතර ඉතා තියුණු සටනක් පවතින බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. ඩූඩා යළි පත්වුවහොත් යුරෝපා සංගමය සමග පවතින සම්බන්ධතා ප්රතිසංස්කරණය කරන බවට දැනටමත් පොරොන්දු වී තිබෙනවා.