කරන්දෙණිය පොලිස් වසමේ දී කිසියම් පුද්ගලයෙකු යතුරු පැදියක් සොරකම් කරන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා.
අදාළ පුද්ගලයා සොරකම්කරන ලද යතුරු පැදිය භාවිත කරමින් විවිධ වෙලෙඳසැල්වලින් ගෑස් ටැංකි ඇතුළු භාණ්ඩ සොරකම් කරන අයුරුද CCTV කැමරාවල සටහන්ව තිබුණා. සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ඔහුගෙන් ලැබුණු තොරුතුරු අනුව සොරාගත් භාණ්ඩ සොයා ගැනීමට කරන්දෙණිය පොලීසිය කටයුතු කළා. සැකකරු බලපිටිය මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.