ලුනාව ප්රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ලුනාව ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ධීවරයෙකුට දිවි අහිමි වුණා.ඊට සම්බන්ධ වූ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝගකර තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීමෙන් පසුවයි.