නිල්වලා යෝජනා ක්රමය ක්රියාත්මක කිරීමට මේ වන විට සියලු සැලසුම් සකස් කොට ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතර අකුරැස්ස ප්ර දේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන එකම අපේක්ෂකයා වන මනෝජ් සිරිසේන මහතා සංවිධාන කළ ජන හමුවකටයි අග්රාමාත්යවරයා සහභාගී වුණේ. රටේ සංවර්ධනය පිළිබද හැගීමක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද ඇතිවී තිබෙන බැවින් ඔවුන්ද ශ්රී ලංකා පොදුජන පෙරමුණ වටා අත්වැල් බැදගනිමින් සිටින බව මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QNhnbE_5STg”]
මේ අතර මාතර මාකදුර ප්ර දේශයේ පැවති ජන හමුවකට ද අග්රාමාත්යවරයා එක්වුණා. එජාපය අඩපණ කළ රට, යළි වැඩබිමක් කිරීමට මෙවර මහ මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දෙන ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
අග්රාමාත්යවරයා මාතර හක්මන ප්රා දේශීය සභා ගොඩනැගිල්ලේ පැවති හමුවකට ද එක්වුණා. එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගැනීම සදහා පොර බදින කල්ලි දෙක සම්බන්ධයෙන් ජනතාව ඉදිරි මහ මැතිවරණයේ දී තීන්දුවක් ගනු ඇති බවයි අග්රාමාත්යවරයා කියා සිටියේ.