නේපාලයේ පාලක පක්ෂය බෙදී යාමත් සමඟ අග්රාමාත්ය කේ පී ශර්මා ඔලීට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කිරීම් සිදු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් නේපාල අග්රාමාත්යවරයා සඳහන් කළේ තමන් සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි. රටේ ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා තමන් ඉදිරියටත් සිය ධුරය හොබවන බව ඔහු කියා සිටියා. පාලක නේපාල කොමියුනිස්ට් පක්ෂයේ කොටසක් ආන්ඩුවෙන් වෙන්ව ගොස් ශර්මා ඔලී ඉවත්විය යුතු බව ප්රකාශ කර සිටිනවා. කොමියුනිස්ට් පක්ෂයේ සභාපති පුෂ්පකමල් දහාල් හෙවත් ප්රචණ්ඩා සහ ශර්මා ඔලී අතර පසුගිය දා පැවති සාකච්ඡා ද සම්පූර්ණයෙන් අසාර්ථක වුණා.