කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 43 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ තුළ පමණක් රෝගීන් 57ක් වාර්තා වුණා.ඊයේ දිනය තුළ වාර්තාවු කොරෝනා ආසාදිතයන්ගෙන් පස් දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන්.
මේ අතර ඊයේ රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට අදාළව මේ වන විට PCR පරීක්ෂණ සිදුකෙරෙමින් තිබෙනවා. ඒ රාජාංගනය සතිපොළ ආසන්නයේයි.
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,511 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 1980 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා.
සමාජයේ ඇතිවූ අනෙකුත් කොවිඩ් ආසාදිත පොකුරු මෙන්ම මෙම පොකුරු ද පාලනය කර ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් රෝගීන් වාර්තාවීමේ ඉඩක් ඇති බවද ඒ මහතා පැවසුවා.