බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් භච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන් පවසා ඇත්තේ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. අභිෂේක් බච්චන්ට කොරෝනා ආසාදනය වී තිබෙන නමුත් ඔහුගේ බිරිඳ අයිශ්චර්යා රායි සහ මව වන ජායා බච්චන්ට ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ. 77 හැවිරිදි අමිතාබ් බච්චන් ඉන්දීය චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට දායකත්වය ලබාදී තිබෙනවා. පසුගිය දින 10 තුළ ඔහු සමඟ සමීපව කටයුතු කළ අයට කොරෝනා පරීක්ෂණයක් කරගන්නා ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.