fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත් උවදුරින් දරු පරපුර බේරා ගන්නා බව අගමැති අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 19:00

මත් උවදුරින් දරු පරපුර බේරා ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා අවධාරණය කළා. ඒ දෙණියායේ පැවති ජන හමුවක් අමතමින්.

මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින නිපුන රණවක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දෙණියාය නගරයේදී ජන හමුවක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, අපේක්ෂක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරගවදින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරන ජන හමුවක් මාතර  නූපේ ප්‍රදේශයේ දී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජන හමුවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo