fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තරායකර රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් මුහුදට බැහැර කළ පිරිසක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 17:32

අන්තරායකර රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් මුහුදට බැහැර කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හා පරිසර පොලීසියට හැකිවුණා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් ඉවත් කෙරෙන මෙම රසායනික ද්‍රව්‍ය මාදම්පිටිය පොම්පාගාරය හරහා මුහුදට බැහැර කිරීම සිදු වනවා. බවුසර් 10 ක් ද මෙහිදී පොලිස් භාරයට ගැනුණා. සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරියට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.

අදාළ නිලධාරීන් මෙම ස්ථානයට යන විටත් බවුසර් 5 ක තිබූ මෙම ද්‍රව්‍ය මුහුදට බැහැර කර අවසන්. මෙම ජාවාරම කලක් පුරා සිදුකර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරිය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo