fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්‍ෂය ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 15:23

ඉන්දියාවේ කෝවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අටලක්‍ෂය ඉක්මවා ගියා.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 823,471ක් ලෙසයි වාර්තා වන්නේ.

ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව විසිහත්දහස් හත්සිය හැටඑකක්.

එමෙන්ම ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ හතේ සිට ලක්‍ෂ අට දක්වා ඉහළ ගොස් ඇත්තේ දින 3 ක් ඇතුළතදීයි. මහාරාෂ්ට්‍ර,  තමිල්නාඩු,  දිල්ලි වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රාන්ත බවට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2020 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්