බස්නාහිර පළාතේ කි‍්‍රයාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි 25 කට අයත් සාමාජිකයන් 388 දෙනෙකු පිළිබදව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත. මේ වනවිටත් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 53 ක ස්ථානාධිපතිවරුන් වෙත එම සාමාජිකයන් පිළිබද සියලු තොරතුරු ලබාදී තිබෙනවා.
ඒ අනුව විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පාතාල කල්ලි සාමාජිකයන් සහ බන්ධනාගාරවල සිට අපරාධ සිදුකරන්නන් පිළිබද තොරතුරු මෙසේ ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
විමර්ශනවල ප්‍රගතිය ඇතුලත් වාර්තාවක් මාසයක් ඇතුලත බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී තිබෙනවා.