දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්ක වලටත් එම තත්වය වැඩි වශයෙන් බලපාන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළේ.
මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර දෙකත්, මීටර තුනත් අතර ප්‍රමාණයකින් ඉහල යාමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කළයුතු බව ද දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.