කොස්ගොඩ තාරකගේ කුඩු ජාලය හසුරුවන්නා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්රැම් 3 යි මිලිග්‍රෑම් 230 ක් සමග මෙම සැකකරු අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව ආදුරුප්පුවීථිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළා.
මෙම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QJXLjS60BN8″]