තම රජයක් යටතේ තෙල් මිල අඩුකරමින් ජනතාවට සහන දෙන බව සජිත් කියයි
Related Articles
තම රජයක් යටතේ ඛණිජ තෙල් මිල අඩුකරමින් ජනතාවට සහන ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මහනුවර පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියා. නාගරික දුප්පත් ජනතාවට රුපියල් විසිදහසේ දීමනාව අනිවාර්යයෙන් ලබාදෙන බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහායි මෙම ජන හමුව පැවැත්වුණේ.