fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාතාලය හා මත් උවදුර නැති කිරීමට පියවර ගන්නා බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 17:54

පසුගිය ආණ්ඩුව සමයේ වසංගතයක් ලෙස පැතිරීගිය පාතාලය හා මත් උවදුර නැති කිරීමට වහාම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අලුත් රටක් නිර්මාණය කිරීම සදහා සියලු දෙනා ජනාධිපතිතුමාට ශක්තියක් වියයුතු බවද හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන මෙම ජන හමුව පැවැත්වුණේ හොරණ නගරයේදීයි. පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම කොතෙක් ව්‍යාප්තව පැවතියේ ද යන්න මත්ද්‍රව්‍ය මැඩලීමට සිටින නිලධාරීන්ම එම ජාවාරම සිදු කිරීමෙන් පැහැදිලි වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල ප්‍රදේශයේදී ද ජන හමුවක් පැවැත්වුණා. රබර් කර්මාන්තය විනාශවීමට ඉඩදෙන්නේ නැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

රබර් වලට හොද මිලක් ලබාදීමේ වැඩපිළිවෙළක් රජය දැනටමත් ආරම්භකර ඇති බවද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් මෙම ජන හමුවලට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo