fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩි 10ක පමණ කිඹුලෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 17:01

බුත්තල ගෝනංආර ප්‍රදේශයේ දී අඩි 10 ක පමණ කිඹුලෙකුගේ මළ සිරුරක් හමුවුණා.

මෙම කිඹුලා කිසියම් පිරිසක් විසින් මරා දමා ඇත්දැයි යන්න පිළිබද වනජීවී නිලධාරීන් පරික්ෂණ සිදුකරනවා.

බුත්තල ගෝනංආර ගම්මානයේ කුඹුක්ගස්ආර වැව අසළ මෙම කිඹුලාගේ මළ සිරුර හමුවී ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසකටයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් වල්ලිඅම්ආර වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී එම කිඹුලාගේ සිරුර අදාළ ස්ථානයේ දැක ගැනීමට හැකිවුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඊට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටා ඇති කුඩා වැවක් අසළ තිබී එය හමුවුණා.

කිසියම් පිරිසක් කිඹුලාගේ සිරුර එම ස්ථානයට රැගෙන ගොස් ඇති බවයි වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ. එම සත්වයාගේ සිරුරේ පහරදීමකින් සිදුවූ තුවාලයක්ද දැකගත හැකිවූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo