fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ පාතාල නායකයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:45

පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ඝාතන සිද්ධියකට අදාළ පාතාල නායකයෙකු ඉන්දීය පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විකාස් ඩබේ නමැති මෙම පුද්ගලයා සතියක පමණ කාලයක් මුළුල්ලේ සැගවී සිට ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතරතුරයි පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විසිනුයි ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණේ. අපරාධ නඩු 60 කට පමණ සම්බන්ධ විකාස් ඩබේ අත්අඩංගුවට ගැනීමේ කටයුතු මේ තාක් ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ පොලිස් නිලධාරීන් ඔහුගෙන් අල්ලස් ලබා ගැනීම බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ වැඩිම පිරිසක් වාසය කරන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය  අපරාධ හා දූෂණ බහුල ප්‍රාන්තයක් ලෙස සැලකෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo