fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 24 ලක්ෂය ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:07

කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා12,418,881 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 7,244,835ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 558,082ක් වාර්තා වනවා.

රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. අද (100 දිනයට පමණක් ආසාදිතයින් 288 දෙනෙකු හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.

වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සදහා වික්ටෝරියා ප්‍රාන්තයේ තට්ටු නිවාස සංකීර්ණ නවයක් තුළ පුද්ගලයින් 3,000 ක් පමණ රදවා තබා සිටිනවා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo