මධ්‍යම චීනයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නායයෑම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
හුබෙයි හා හුආන්ග්මෙයි ප්‍රාන්තවල දැඩි වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයක් පමණ අවතැන් වී තිබෙනවා.
අවතැන් වූ පිරිස් සදහා සහන සැපයීමට මේ වනවිටත් සහන කණ්ඩායම් අනියුක්තර ඇති බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
වූහාන් නගරයට මිලිමීටර් 480 ක පමණ වර්ෂාපතනයක් ඇදහැලී ඇති බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.