fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24ට ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 61067ක්

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 11:28

ඇමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා.

ගතවූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 61067ක්. ඒ සමගම එරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 32 ඉක්මවා තිබෙනවා.

කෙසේ වුවද මෙම වසරේ අගභාගය වන විට කොරෝනා වෛරසයට එරහිව එන්නතක් නිශ්පාදනය කිරීමට හැකියාව පවතින බව ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනී පවුසි නිවේදනය කරනවා.

එන්නතක් නිපදවීම පිළිබද සිදු කරන පරික්ෂණ මේ වන විටත් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇති බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්