එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුගේ හෝ බූදලයක් නොවන බව එම පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ගම්පහ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමක් කිරිල්ලවලදී පැවැත්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු ගම්පහ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියා.
අපේක්ෂකයින් සදහා කොට්ඨාස බලමණ්ඩල තනතුරු බෙදාදීම මෙහිදී සිදුකෙරුණේ රනිල් වික්රමසිංහ මහතා අතින්. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය රැක ගැනීම පාක්ෂිකයින්ගේ යුතුකම බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ys7JWmxpPQU”]