fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 09:11

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදියින් හමුවීමත් සමඟ එම මධ්‍යස්ථානයට ආසන්න කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඊයේ (09) හමුවූ උපදේශිකාවගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර තිබෙනවා. නිවාඩු ගිය උපදේශකයින් 8 දෙනෙකු වහාම යළි කැදවීමටයි කටයුතු කර ඇත්තේ.

පුනරුත්ථාපනය වන අය හමුවීමට පැමිණි පුද්ගලයින් ද නිරෝධායනයට යොමු කෙරෙමින් පවතිනවා.

මෙම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 66 දෙනෙකු PCR පරීක්ෂණ සදහා මින්නේරිය කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද (10) අලුයම රැගෙන එනු ලැබුවා.

මොවුන් සියලු දෙනාම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු සදහා සේවා සපයන යුද හමුදා නිලධාරීන්.

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්