කර්මාන්ත සංවර්ධනය සඳහා ණය දීම වෙනුවෙන් පමණක් බැංකු පද්ධතියක් ඉදිරියේදී ස්ථාපිත කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂි වැඩසටහනක් ආරම්භ කරමින් මහජන බැංකුව හා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණා. මෙම එකගතාවට අනුව මහජන බැංකුව හා කාර්මික මණ්ඩලය ඒකාබද්ධව විවිධ ව්‍යවසායන් පන්දහසක් සවිබල ගැන්වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ඇති. කාර්මික සංවර්ධන මණ්ඩලය සමග ලියාපදිංචි වීමෙන් පසු පුහුණුවක් ලබාගනිමින් ප්‍රායෝගික ව්‍යාපාර සැළැස්මක් නිර්මාණය කරන ගනුදෙනුකරුවන්ට මහජන බැංකුව ඔස්සේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට මෙහිදී ඉඩ සැළසෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UnC2Bs32zto”]