එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට කෘෂි ආර්ථිකය විනාශ වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
යහපාලන රජය යටතේ දුප්පත් දිස්ත්‍රික්ක රැසක් නිර්මාණය වූ බව ද රඹුක්කන පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරමින් මෙම ජන හමුව පැවැත්වුණා. මෙවර මහ මැතිවරණයේ දී තම පක්ෂයේ වැඩපිළිවෙළ වන්නේ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ. කණක හේරත්, තාරක බාලසූරිය යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6v25p-ve4UQ”]
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂයින්ගේ ජය තහවුරු කරමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන හමුවක් මාවනැල්ලේ දී පැවැත්වුණා. පසුගිය සමයේ අත්නොහැර තමන් සමග සිටි ශක්තිමත්ම කණ්ඩායම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා. ඔවුන් ජනතා නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට පත්කර හැරීමට පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ. කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක ඉදුනිල් ශාන්ත මහතා ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්වුණා.