අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට අයත් බැංකු ගිණුම් 43 ක් අත්හිටුවීමට පියවර ගැනුනා.
දැනට රැඳවුම් භාරයේ සිටින පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු නිලධාරීන් 5 දෙනෙකුට මෙම බැංකු ගිණුම් 43 අයත් වනවා. තහනම් කරන ලද ගිණුම්වල ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 46 කට ආසන්න වනවා.
එමෙන්ම මෙම සිද්ධියේ 10 වන හා 11 වන සැකකාර පොලිස් කොස්තාපල්වරුන් සතුව තිබී 5000 ව්‍යාජ නෝට්ටු 32 ක් හමුවීමත් සමග ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට ඔවුන් සම්බන්ධව සිටි බවට හෙළිව තිබෙනවා. ඒ පිළිබඳවද පරික්ෂණ සිදු කෙරෙන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඊයේ අධිකරණයට දන්වා සිටියේ.