යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක කිරීම ඇණහිට තිබූ කුඩා ජල විදුලි ව්‍යාපෘති 15 ක ගිවිසුම් යළි දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන්නා.
ඒ අනුව කුඩා ජල විදුලි ව්‍යාපෘති 15 ක් සදහා ලබා දී තිබූ අනුමැතිය අවලංගු වී තිබූ බැවින් අදාළ ගිවිසුම් දීර්ඝ කිරීමට අනුමැතිය නැවතත් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘති 15 තුළින් මෙගාවොට් 30 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීම අපේක්ෂිතයි. එමෙන්ම මීට අමතරව තවත් කුඩා ජල විදුලි බලාගාර 23 ක් සඳහා වන ගිවිසුම් ඉදිරි මාසය තුළ අත්සන් කිරීමට යෝජිතයි. එමගින් ජාතික පද්ධතියට එකතු වන විදුලිබල ධාරිතාව මෙගාවොට් 45 ක්. 2023 වසර වන විට සමස්ථ විදුලිබල අවශ්‍යතාව කිසිදු හිගයකින් තොරව ලබාදීමත්, 2023 වර්ෂය විදුලිබල ක්ෂේත්රයේ ස්වර්ණමය වර්ෂය ලෙස නම් කරමින් සහන ලබාදීමටත් අපේක්ෂිතයි.