කෝවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට මොලය ආශ්රිත ආබාධ ඇති වීමේ අවදානමක් ඇති බව විද්‍යාඥයින් අනතුරු අගවනවා.
මෙම තත්ත්වය මත ස්නායු ආශ්රිත ආබාධ ඇති වීම මෙන්ම විවිධ සංකූලතා ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ පරික්ෂණයේදී ආසාදනය වූ රෝගීන් 40 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණවලදී මෙම තත්ත්වය සහිත පුද්ගලයන් හමු වී තිබෙනවා. එම රෝගීන්ට කම්පනයන් ස්නායු හානි මොලේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.