ටයරයක් හිස මතට පෙරලීමෙන් බරපතල තුවාල ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිදු හිරුෂාන් සිසුවා සුවය ලැබීමෙන් පසු යළි සිය විශ්වවිද්‍යාලයට අද පැමිණියා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහචාර්ය සුදන්ත ලියනගේ මහතා පසිදු හිරුෂාන් සිසුවා පිළිගත්තා. ඔහු පිළිගැනීම සඳහා චාම් උත්සවයක්ද සංවිධාන කර තිබීම විශේෂත්වයක්. සිසුවා වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමටද විශ්වවිද්‍යාලය කටයුතු කර තිබුණා. මිනුවන්ගොඩ දෙවොලෙපොල ප්‍රදේශයේ පදිංචි පසිදු හිරුෂාන් දහසක් දුෂ්කරතා මධ්‍යයේයි සරසවිවරම් හිමිකර ගත්තේ.
අපොස උසස්පෙල විභාගයට පෙනී සිටීමට මාස තුනකට පෙර ඔහුගේ මව අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියා. තමන්ට අහිමි වූ ලොව පුතු රජකරවන්නට පසිදුගේ පියා අනේකවිද දුක්ක දෝමනස්සයන් වින්දා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක සිසුන් සඳහා පැවති සාදයක් අවසන් වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඉහළ ස්ථානයක සිට ඔහුගේ හිස මතට ටයරයක් තල්ලුකර තිබුණා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පසිදු හිරුෂාන් සිය ජීවිතය බේරාගත්තේ දෛවයේ හාස්කමකින් සහ විශිෂ්ඨ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/CjjJAOZ4ovI”]