පාසල් වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට තීරණය කරයි
Related Articles
පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වෑන් රථ සඳහා කහ වර්ණය පමණක් භාවිතා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කෙරේ.
පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා ලෝකයේ සෑම රටකම මහාමාර්ගය තුළ ධාවනය කිරීමේ දී ඊට ප්‍රමුඛස්ථානය හිමිවේ. ඊට හේතුව වන්නේ රටේ අනාගතය වන දරුවන් ගේ සුරක්ෂිතතාවය උදෙසා එම රජයන් විසින් පියවර ගෙන තිබීමයි.
බොහෝවිට පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය භාවිතා වන නිසා එකී වැන් රථ පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ බව සෙසු වාහන රියදුරන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකිවීමයි. මේ නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවේ.
මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙරට පාසැල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා ද කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහණ සේවා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඊයේ පස්වරුවේ (07) පාසැල් සිසු දරුවන් ප්රවාහණය කෙරෙන වාහන සංගම් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සමග අමාත්‍යවරයා මේ සම්බන්ධව සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාව බත්තරමුල්ල ප්‍රවාහනය සේවා කලමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ඊට පොලිස් නිලධාරින්ගේ මෙන්ම සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන සංගම්වල නියෝජිතයෝද එකඟත්වය පළ කළේය.
දැනට අප රටේ මාර්ගවල දී පාසැල් සිසු දරුවන් ගමන් කරන වෑන් රථ සඳහා කිසිදු ප්රමුඛත්වයක් ලබා දෙන්නේ නැත. ඇතැම් බර වාහන පාසැල් සිසු දරුවන් ගමන් ගන්නා වාහන අසලින්ම ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම ඇතැම් විට හදිසි අනතුරුවලට පවා ලක් වෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මාර්ග තුළ විනය පවත්වාගෙන යාම සඳහා මෙම කාරණය හේතුවන අතර පාසැල් සිසු ප්‍රවාහන වෑන් රථ කහ වර්ණ ගැන්වීමේ දී දැනට භාවිතා කරන වෙනත් වර්ණයන්ගෙන් යුත් වෑන් රථ කහ වර්ණය ආලේප කිරීමටත්, ඉදිරියේ දී පාැසල් සිසු දරුවන් ප්‍රවාහනයට ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇතැයි අමාත්‍යවරයා කිය.
මීට අමතරව දැනට විවිධ අපහසුතා මද්‍යයේ පවත්වාගෙන යන පාසැල් සිසු ප්‍රවාහන වෑන් රථ සේවාව සඳහා යම් යම් සහන ලබා දීමටත් පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.